Search

නැෂනල්ස් නායකයාගේ ඉල්ලීම්වලට ලිබරල් එකඟවෙයි

ලිබරල් පක්ෂය නැෂනල්ස් පක්ෂයේ ප්‍රතිපත්තිමය ඉල්ලීම් 4 ට එකඟවීමක් සමග දිගුකාලීන දේශපාලන සන්ධානය යළි අලුත්වී තිබෙනවා.

ඒ නැෂනල්ස් නායක ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් සන්ධාන ගිවිසුම අලුත් නොකරන බව දින 3 කට පෙර නිවේදනය කිරීමෙන් පසුවයි.

පසුව ලිබරල් මන්ත්‍රීවරුන් සහ සෙනෙට් සභිකයින් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී න්‍යෂ්ටික බලශක්තිය, ඩොලර් බිලියන ගණනක කලාපීය ආයෝජනයක්, කලාපීය දුරකථන ආවරණය සහ සුපිරි වෙළඳසැල් අලෙවිකරණ සම්බන්ධයෙන් ඇති ගැටළු වලට ප්‍රතිපත්තිමය වශයෙන් සහාය ලබා දීමටයි එකඟ වී ඇත්තේ.

රට පුරා බලාගාර හතක් ඉදිකිරීමට වඩා පොදුරාජ්‍ය මණ්ඩලීය පරමාණු බලශක්ති තහනම ඉවත් කිරීම කෙරෙහි පමණක් මෙවර සන්ධානයේ අවධානය යොමුව තිබෙනවා.

විපක්ෂ නායිකා සුසන් ලේ සහ ලිට්ල්ප්‍රවුඩ් අතර සාකච්ඡා දිගටම පවතින අතර, දෙපාර්ශවයේම සහන නිසා ඉදිරි දිනවලදී සන්ධාන ගිවිසුම නිල වශයෙන් අත්සන් කරනු ඇති.

පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමට පෙර ලිබරල් සහ ජාතික මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන්ම සමන්විත නව කැබිනට් මණ්ඩලයක් එළිදැක්වීමටද නියමිතයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »