Search

රුසියා – යුක්‍රේන විශාලතම සිරකරු හුවමාරුව

2022 වසරේ ආරම්භ වූ යුද්ධයෙන් පසුව විශාලතම සිරකරුවන් හුවමාරුව යුක්‍රේනය සහ රුසියාව අතර සිදුවුනා.

ඉස්තාන්බුල්හි පැවති සෘජු සාකච්ඡාවලදී එකඟ වූ පරිදී හමුදා භටයින් 270 දෙනෙකු සහ සිවිල් වැසියන් 120 දෙනෙකු දෙපාර්ශවයම ආපසු භාර දී තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ මෑතකදී රුසියාවේ Kursk දේශසීමා කලාපයේ දී යුක්‍රේන හමුදා විසින් අල්ලා ගන්නා ලද හමුදා භටයින් සහ සිවිල් වැසියන්, භාර දුන් අය අතර සිටින බවයි.

ඔවුන් දැනට බෙලාරුසියානු භූමියේ සිටින අතර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා රුසියාවට ගෙන යාමට නියමිතයි.

රුසියාව නැවත භාරදුන් පිරිස අතරට කාන්තාවන් තිදෙනෙක් සහ 2022 වසරේ සිට රඳවාගෙන සිටි සොල්දාදුවන් සහ සිවිල් වැසියන් ඇතුලත් වී තිබුනා.

දෙපාර්ශ්වයම සිරකරුවන් 1,000 ක් හුවමාරු කර ගැනීමට එකඟ වී ඇති අතර ඉදිරි දිනවලදී තවත් හුවමාරු කිරීම් සිදුවන බවයි වාර්තා වන්නේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »