
උතුරු මැද New South Wales හි ඔරානා ප්‍රදේශයේ රික්ටර් මාපක 5.2 ක භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.
රික්ටර් මාපක 4.1 ක පසු කම්පනයක් ද සිදුවී ඇති බවයි ඔස්ට්‍රේලියානු භූ කම්පන විද්‍යාඥයින් පවසන්නේ.
අද අලුයම 2.36 ට ඔරානා කලාපයේ මුල් භූමිකම්පාව සිදුවී ඇති අතර අලුයම 2.43 ට පසු කම්පනය හටගෙන තිබෙනවා.

මූලික තොරතුරුවලින් හෙළිවී ඇත්තේ භූමිකම්පා දෙකම කිලෝමීටර 10 ක පමණ ගැඹුරකින් සිදු වී ඇති බවයි.
මේ අතර උදෑසන 5.43 ට ද කලාපයේ රික්ටර් මාපක 3.6 ක තවත් භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා
