
ඔස්ට්‍රේලියා තරඟකාරී සහ පාරිභෝගික කොමිසම කෝල්ස්, වූල්වර්ත් සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ව්‍යාජ වට්ටම් සමග ගණුදෙනුකරුවන් නොමග යැවීම එම ප්‍රධාන සුපර් මාකටවලට එරෙහි චෝදනායි.
ඔවුන් කෙටි කාලයක් සඳහා ඇතැම් නිෂ්පාදනවල මිල ඉහළ නංවා පාරිභෝගික නීතිය කඩ කළ බවට චෝදනා කරමින්, වුල්වර්ත්ස් හි “Prices Dropped” සහ කෝල්ස් හි “Down Down” ප්‍රවර්ධනවල කොටසක් ලෙස ඒවා නැවත අඩු කර තිබෙනවා.

ඒ අතරට කිරි නිෂ්පාදන, pet food, personal care, coffee, medicine, lollies, cereal සහ household cleaning නිෂ්පාදන වනවා.
අද මෙල්බන් ෆෙඩරල් අධිකරණ විභාගයකදී, සුපිරි වෙළඳසැල් දෙකෙන්ම සාම්පල නිෂ්පාදන ගණන සම්බන්ධයෙන් මතභේද ඇති වුණා.

වුල්වර්ත්ස් නිෂ්පාදන හයක් යෝජනා කර තිබුණද, නීතිඥ රූත් හිගින්ස් අධිකරණයට පැවසුවේ ACCC ඊයේ උදෑසන 20 ක් ඉදිරිපත් කර ඇති බව හා මේ වන විට එම සංඛ්‍යාව 12 දක්වා අඩු කර ඇති බවයි.
පාරිභෝගික නිරීක්ෂණ ආයතනය මාස 15 ක් පුරා සිදු වූ බවට කියන චෝදනා උල්ලංඝනය කිරීම් හේතුවෙන් අධිකරණයෙන් සැලකිය යුතු දඬුවමක් ඉල්ලා සිටිනවා.
කෙසේවෙතත් කෝල්ස් සහ වූල්වර්ත්ස්, චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වන්නේ.