
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.
මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවා.

1947 අප්‍රේල් 30 වනදා කැළණියේදී උපන් ඇය සම්මානනීය ශ්‍රී ලංකා නිළියක් වන අතර ඇය සිංහල සිනමාවේ නිළි රැජින ලෙසයි හඳුන්වනු ලැබුවේ.
දශක ගණනාවක් දිවෙන ඇගේ සිනමා රංගන දිවය ආරම්භ වන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන්.

ඇයට 1969 වසරේ ජාතික නාට්‍ය උළෙලේ හොඳම නිලිය සම්මානය දිනාගත් කාලයේ ඇය දක්ෂ නිළියක් ලෙස මුළු රටම හඳුනාගෙන තිබුණා.
පසුව ඇය විශිෂ්ඨ ලෙස රංගනයෙන් දායකවූ හිඟන කොල්ලා, ආරාධනා, යස ඉසුරු චිත්‍රපට හේතුවෙන් සරසවිය හොඳම නිළිය සම්මානය කීප වතාවමක් දිනාගැනීමට හැකි වුණා.
සරසවි සම්මාන පමණක් නොව ජාත්‍යන්තර තලයේ සම්මාන, ජනාධිපති සම්මාන, සිග්නීස (ඕසීඅයිසී) සම්මාන ඇතුළු සම්මාන රැසක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකික නිළියවූයේද මාලනී ෆොන්සේකායි.
වේදිකාවෙන් රංගන දිවි ආරම්භ කළ මාලනී, සැනසිලි සුවඳ, නිරුපාමල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ලාංකික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කල පලමු කාන්තාව බවටද පත් වූවා.
රටක් හඬවා අවසන් සුසුම් ලෝතලයට එක්කළ නිළි රැජිනියනි ඔබට නිවන්සුව!