
නිව් සවුත්වේල්ස් ගංවතුරෙන් උතුරුමැද වෙරළ තීරයේ නිවාස දස දහසකට හානි සිදුව ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ වනවිට ඇතැම් ප්‍රදේශවලට වර්ෂාව යම් මට්ටමකින් අඩු වී ඇති අතර ගංවතුර බැස යමින් පවතින බවයි ආපදා කළමණාකරණ අංශය කියාසිටියේ.
මේ අතර ජලය බැස යන තුරු පදිංචිකරුවන්ට සිය නිවාස වෙත නැවත ප්‍රවේශවීමට ඉඩ නොදෙන බවද ඔවුන් ප්‍රකාශකළා.

නිවාස සහ ව්‍යාපාර සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු විසින් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවයි ආපදා කළමණාකරන අංශය දැනුම්දෙන්නේ.
හින්ටන්, සීහැම්, පැටර්සන්, ක්ලැරන්ස් ටවුන්, ටරී, මැනිං පොයින්ට්, රව්ඩන් දූපත සහ ඩන්ගොග් ඇතුළු තවත් ප්‍රදේශ රැසක පදිංචිකරුවන් 50,000 ක් පමණ තවමත් කඳවුරුවල රැඳීසිටිනවා.

මේ අතර නිව් සවුත්වේල්ස් බලධාරීන් පවසන්නේ ඉවසීමෙන් ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස හා ගංවතුර නැරඹීමට ඒ හරහා රිය ධාවනය නොකරන ලෙසයි.