Search

ATM කාඩ්පත් වලින් මහාපරිමාණ මුදල් සොරකමක්

ATM කාඩ්පත් මගින් ඩොලර් 800,000 කට වඩා වැඩි මුදලක් සොරකම් කර ඇති බවට චෝදනා එල්ල වන රුමේනියා ජාතිකයින් දෙදෙනෙකු සිඩ්නිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 48 සහ 41 ක් වන පුද්ගලයින් බවයි වාර්තා වුනේ.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ  මුදල් විශුද්ධිකරණය සහ මූල්‍ය තොරතුරු සොරකම් කිරීම සම්බන්ධ චෝදනාවලට අදාලවයි.

මෙම පුද්ගලයින් skimming devices – ATM යන්ත්‍රවලට ඇතුළු කර කාඩ්පත් දත්ත සොරා ගෙන ඇති අනාවරන කරගෙන තිබෙනවා.

සොරකම් කරන ලද දත්ත පසුව clone cards  සහ  විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට භාවිතා කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

මෙම මෙහෙයුම සිඩ්නි පුරා ATM යන්ත්‍ර කිහිපයක් ඉලක්ක කර ගෙන සිදු කර තිබෙන බවට විශ්වාස කෙරෙනවා.

මෙවන් සොරකම් හේතුවෙන්  බැංකු ප්‍රකාශන නිතිපතා පරීක්ෂා කර සැක සහිත ක්‍රියාකාරකම් වාර්තා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »