
ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පර්ත් නගරයේ රතු අපද්‍රව්‍ය බඳුන් ප්‍රමාණය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනූව සති දෙකකට වරක් පමණක් ඒවායේ කසළ එකතු කිරීමටයි බලදාරීන් සැලසුම් කර තිබෙන්නේ.
ආහාර කැබලි, ගෙවතු අපද්‍රව්‍ය සහ සමහර කඩදාසි නිෂ්පාදන සඳහා සතිපතා එකතු කරනු ලබන ලීටර් 240 ක බඳුනක් පර්ත් පදිංචිකරුවන්ට ලබා දී තිබුනා.

එය ලීටර් 140 දක්වා අඩු කර සති දෙකකට වරක් එකතු කිරීමටයි යෝජනා වී තිබෙන්නේ.
කහ පැහැති ප්‍රතිචක්‍රීකරණ බඳුන් එකම ප්‍රමාණයෙන් පවතින අතර ඒවා සති දෙකකට වරක් එකතු කරනු ලබනවා.

2026 ජුනි මාසය වන විට සියලුම පළාත් පාලන ආයතනවලින් three-bin food organics සහ garden organics ක්‍රමය අනුගමනය කිරීමට සැලසුම් කරන ලෙසද ඉල්ලා තිබෙනවා.
Recycle Right WA ට අනුව, ආහාර කැබලි සහ ගෙවතු අපද්‍රව්‍ය ඔවුන්ගේ සාමාන්‍ය අපද්‍රව්‍ය වලින් වෙන් කිරීමට ජනතාව දිරිමත් කිරීමද මෙම වැඩසටහන් වල අරමුණ වී තිබෙනවා.