Search

ගංවතුර හේතුවෙන් රියදුරන්ට උපදෙස්

පවතින ගංවතුර තත්වය හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ රියදුරන් කිසි විටෙකත් ගංවතුර හරහා ගමන් කිරීමට උත්සාහ නොකරන ලෙස ප්‍රාන්ත බලදාරීන් දැනුම් දෙනවා.

පැසිෆික් අධිවේගී මාර්ගයේ සමහර කොටස්ද ජලයෙන් යට වී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ ඇතැම් කොටස් ගමනාගමනය සඳහා වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

නිවාස ජලයෙන් යටවීම සහ හේතුවෙන්  අතැම් ප්‍රදේශ ආශ්‍රිතව බලශක්ති සැපයුම්ද තාවකාලිකව නවතා තිබෙනවා.

ගංවතුර හේතුවෙන් නිව් සවුත් වේල්ස් හි මධ්‍යම උතුරු වෙරළ තීරයේ මාර්ග සිය ගණනක් බලපෑමට ලක්ව ඇති බව නිව් සවුත් වේල්ස් සජීවී රථවාහන වෙබ් අඩවිය සදහන් කලා.

වෙබ් අඩවියෙන් යාවත්කාලීන කිරීමකට අනුව, ප්‍රධාන මාර්ග වසා දැමීම්වලට ඇතුළත් වන්නේ

Coopernook සහ Purfleet අතර දෙපැත්තටම පැසිෆික් අධිවේගී මාර්ගය වසා දමා තිබෙනවා.

Thrumster සහ Wauchope අතර ඔක්ස්ලි අධිවේගී මාර්ගය මෙන්ම Rosewood, Long Flat සහ Mount Seaview ප්‍රදේශ

North Macksville සහ Nambucca Heads අතර Giinagay Way ප්‍රදේශය

Bellingen සහ Raleigh අතර දිය ඇල්ල මාර්ගය, සහ  Dorrigo Mountain සහ Thora අතර ප්‍රදේශය

Failford පාර, Pacific Highway (Maitland Road) සහ Newcastle Inner City Bypass අතර ප්‍රදේශය

Nelson Bay Road සහ Richardson Road සහ Williamtown Drive අතර ප්‍රදේශය

Macquarie Pass හි දෙපැත්තටම Illawarra අධිවේගී මාර්ගය

යන මාර්ග කොටස් මෙලෙස තාවකාලිකව වසා දැමූ මාර්ග වලට ඇතුලත්.

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »