
ඇමරිකාවේ FBI වංචාකරුවන්ගේ ලැයිස්තුවේ සිටින ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සීඩ්නි නගරයේ ජීවත් වන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
ජෙෆ්රි ජෝන් බුෂ් [Geoffrey John Busch] නැමති ඔහුට 2002 සිට 2006 දක්වා කාලය තුළ ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ සිදු කළ බව කියන $ මිලියන 19 කට වඩා වැඩි වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ.
2007 දෙසැම්බර් මාසයේදී, ඇමරිකාවේ දකුණු ෆ්ලෝරිඩා දිස්ත්‍රික් නීතිපතිවරයා විසින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වාරණයක් නිකුත් කරනු ලැබුවා.

Wire Fraud, Conspiracy සහ Money Laundering යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
ජාත්‍යන්තර මට්ටමින් පලා යාමට හැකි පුද්ගලයෙකු ලෙසයි FBI විසින් ඔහු හඳුන්වා දී ඇත්තේ.
