
ඉණේ සිට උස ප්‍රමාණය [Waist-to-height] හෘදයාබාධ ඇතිවීමේ අවදානම හදුනාගැනීමේ වැදගත් සාධකයක් බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
යුරෝපීය හෘද රෝග සංගමයේ [European Society of Cardiology] සම්මේලනයකදී ඉදිරිපත් කරන ලද දත්ත වාර්තා වලින් ඒ් පිළිබද තොරතුරු හෙළි වුනා.
හෘදයාබාධ රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට තරබාරුකම බලපාන අතර ශරීර ස්කන්ධ දර්ශකය (BMI) වැඩි වන විට හෘදයාබාධ අවදානම වැඩි වන බවයි වාර්තාවලින් පෙන්වා දී ඇත්තේ.

පර්යේෂණය ඉදිරිපත් කළ ලුන්ඩ් විශ්වවිද්‍යාලයේ (Lund University) වෛද්‍ය අම්රා ජූජික් (Dr. Amra Jujic) පෙන්වා දෙන්නේ BMI යනු තරබාරුකමේ වඩාත් පොදු මිනුම වන අතර ඊට ශරීර මේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට නොගන්නා බවයි.
ඉණේ සිට උස අනුපාතය මේද ප්‍රමාණයේ වැදගත් මිනුමක් ලෙස සැලකෙන අතර අවයව වටා මේදය හානිකර ලෙස තැන්පත් වීමට ද එය බලපානු ලබනවා.

ඉණේ සිට උස ප්‍රමාණය සහ හෘදයාබාධ වර්ධනය අතර සම්බන්ධතාවය විමර්ශනය කිරීම සඳහා මෙම පර්යේෂණය සිදුකළ බවයි වෛද්‍යවරිය පවසන්නේ.