Search

Gold Medal එකක් දිනූ ඔස්ට්‍රේලියාවේ මලක්

 

 

ලන්ඩනයේ ජනප්‍රිය Chelsea මල් ප්‍රදර්ශනයේදී ඔස්ට්‍රේලියාවේ Great Sun Orchid මලට රන් පදක්කමක් හිමිවී තිබෙනවා.

ගිනිකොනදිග ආසියානු සහ පැසිෆික් කලාප ඕකිඩ් වර්ග ඇතුළත් කළ ප්‍රදර්ශනයකට Orchid මල ඉදිරිපත් කර තිබුණා.

ඕකිඩ් ස්වභාවිකව වැඩෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ නිශ්චිත ප්‍රදේශවල පමණක් වන අතර සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර මල් හට ගන්නවා.

එහෙත් මෙම වසරේ ඉන් සම්පූර්ණයෙන්ම වෙනස් දේශගුණයක් තුළ, මාස ගණනක් පිටතදී මල් පිපුණා.

Chelsea මල් ප්‍රදර්ශනය ලෝකයේ ප්‍රසිද්ධම උද්‍යාන අලංකාර උත්සවය ලෙසයි සැලකෙන්නේ.

චාල්ස් රජු සහ කැමිලා රැජිණ ද ප්‍රදර්ශනය නැරඹීමට එක්වී තිබෙනවා.

David Beckham, Joanna Lumley and Piers Morgan වැනි ජනප්‍රිය තරු ද එහිදී දැකගත හැකි වුනා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »