
ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ තම දරුවන්ට ආහාර සැපයීම සඳහා සාප්පු වලින් ආහාර සොරකම් කරන බව සිව්දරු මවක් පිළිගෙන තිබෙනවා.
දරුවන්ට ආහාර සැපයීම සදහා තමාට වෙනත් විකල්පයක් නොමැති වීම සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් දැනෙන නමුත් ආහාර මිල ඉහළ යාම ඊට හේතුව බවයි මව පවසා සිටින්නේ.
අත්‍යවශ්‍ය සේවා සහ අනෙකුත් මූලික ජීවන වියදම් ඉහළ යාම නිසා ඇගේ පවුල ප්‍රමාණවත් ලෙස පෝෂණය කිරීමට මුදල් ඉතිරි නොවන බව ඇය පැවසුවා.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් එකක් පමණ මුදල් ඉතිරි කර ගැනීම සඳහා කල් ඉකුත් වූ ආහාර අනුභව කරන බව Red Shield Report වාර්තාවෙන් හෙළි වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් 20 දෙනෙකුගෙන් එක් අයෙකු සුපිරි වෙළඳසැල් සහ අවන්හල්වලින් පිටත ඇති බඳුන්වලින් ආහාර ගෙන ගොස් අනුභව කර ඇති අතර, බහුතරයක් ජනතාව ආහාර මඟ හරිමින් සිටින බව ද එහි සඳහන් වනවා.
