Search

විදේශීය සිසුන්ට හාවඩ් විශ්වවිද්‍යාලය තහනම්

 

හාවඩ් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු වනවා.

ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමරිකානු විරෝධී, ත්‍රස්තහිතවාදී උද්ඝෝෂකයින්ට හාවඩ් විශ්වවිද්‍යාලය තුළ හිතවාදී පරිසරයක් නිර්මාණය කර ඇති බවට එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබීම හේතුවෙනුයි.

අමෙරිකානු රජය චෝදනා කරන්නේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ ද කටයුතු කරන බවයි.

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විදේශීය සිසුන් 6,800ක් පමණ අධ්‍යාපනය ලබන අතර එම සංඛ්‍යාව සියලු හාවඩ් සිසුන්ගෙන්  25%ක ප්‍රමාණයක්.

මේ අතර මෙම පළිගැනීමේ ක්‍රියාව සිසුන්ට සහ රටට බරපතල හානියක් සිදු කරන බවයි හාවඩ් විශ්වවිද්‍යලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මෙමගින් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු වලට හානියක් සිදු වන බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »