
ලෝකයේ ජීවත්වීමට හොඳම නගර 10 අතරට ඔස්ට්‍රේලියාවේ නගර දෙකක් ඇතුළත් වී තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් [Oxford Economics] විසින් 2025 වසරේ ලොව ජීවත් වීමට හොඳම නගර ලැයිස්තුව නිකුත් කරණු ලැබුවා.
ඒ් අනුව මෙල්බන් සහ සිඩ්නි එම ලැයිස්තුවේ 6 වන සහ 7 වන ස්ථාන හිමිකර ගෙන තිබෙනවා.

ගෝලීය නගර දර්ශකය [Global Cities Index] මඟින් ආර්ථිකය, මානව ප්‍රජාව, ජීවන තත්ත්වය, පරිසරය සහ පාලනය යන කාණ්ඩවලට අනුවයි නගර ශ්‍රේණිගත කර ඇත්තේ.
Oxford Economics විසින් නිකුත් කරනු ලැබු 2025 ගෝලීය හොඳම නගර 10 අතර නිව්යෝර්ක් [New York] පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ලන්ඩන් [London], පැරීස් [Paris], සැන් ජෝස් [San Jose] සහ සීටල් [Seattle] නගර ද ලැයිස්තුවට ඇතුළත් වනවා.
මෙල්බන් [Melbourne], සිඩ්නි [Sydney[, බොස්ටන් [Boston], ටෝකියෝ [Tokyo] සහ සැන් ප්‍රැන්සිස්කෝ [San Francisco[ ලැයිස්තුවට අයත් අනෙකුත් නගරයි