
සිය සුනඛයා සමග යතුරු පැදියක ගමන් කළ කාන්තාවකට ක්වින්ස්ලන්ඩ් පොලීසියි විසින් දඩ නියම කර තිබෙනවා.
ඇය විසින් සුනඛයාව පටිවලින් බැඳ යතුරු පැදියේ රඳවා ගෙන ක්වින්ස්ලන්ඩ් සන්ෂයින් වෙරළ තීරයේදී ගමන් කරන අවස්ථාවේදීයි ඇය පොලීසියට හසුව ඇත්තේ.
එහිදී කාන්තාව පවසාඇත්තේ එම පටි අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් බවයි.

ජ්‍යෙෂ්ඨ සැරයන් ෂේන් පැනෝහෝ පැවසුවේ බල්ලා බයිසිකලයේ සන්සුන්ව හා සුවපහසු ලෙස පෙනුනද, එය අනෙකුත් මෝටර් රථ හිමියන්ට හෝ පදිකයින්ට අවදානමක් ඇති කළ හැකි බවයි.
එමෙන්ම බල්ලා පදිකයින්ට හෝ සතුන්ට ප්‍රතිචාර දැක්වුවහොත් යම් අනතුරකට මුහුණදීමට සිදුවිය හැකි බවයි පොලිස් නිලධාරීයා අවධාරණය කළේ.

ඒ අනුව Maroochydore හි පදිංචි 35 හැවිරිදි මෙම කාන්තාවට ඩොලර් 376 ක දඩයක් ලබාදීමට පොලිස් නිලධාරියා කටයුතු කර තිබෙනවා.