Search

ගණුදෙණුකරුවන් 40,000 ක් රවටා මුදල් අයකළ ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල වෙළඳ සමාගමක්

ගණුදෙණුකරුවන් විශාල ප්‍රමාණයකගෙන් වංචනික ලෙස මුදල් අයකළ ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල වෙළඳ සමාගමකට නඩු පවරා තිබෙනවා.

ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා ගණුදෙනුකරුවන් 40,000 කට අධික සංඛ්‍යාවක් රවටා ඇති බවට Snaffle අන්තර්ජාල සමාගමට චෝදනා එල්ල වී ඇත්තේ.

සමාගම විසින් වසර ගණනාවක් පුරා සතිපතා වාරික වශයෙන් රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ සහ ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට ගනුදෙනුකරුවන්ට ඉඩ සලසා තිබෙනවා.

නමුත් ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම (ASIC) කියා සිටින්නේ සමාගම භාණ්ඩවල මිල ඉහළ නංවා ඇති බව හා පොලිය ලෙස ගනුදෙනුකරුවන්ගෙන් අධික ලෙස මුදල් අය කර ඇති බවයි.

ඩොලර් 1500 ට අඩු මිලකට අලෙවි වූ ජංගම දුරකථනයක් සඳහා වසර තුනක් පුරා ගනුදෙනුකරුවෙකුගෙන් ඩොලර් 4000 කට වඩා අය කර ඇති බවයි කොමිසම පෙන්වාදෙන්නේ.

ඕස්ට්‍රේලියානු නියාමනය විසින් ණය කොන්ත්‍රාත්තුවක් සඳහා යෙදිය හැකි පොලී ප්‍රමාණය සියයට 48 කට සීමා කර තිබෙනවා.

එම නීතියට එරෙහිව Snaffle විසින් භාණ්ඩවල පිරිවැය සහ පොලී ගාස්තු සියයට 60 ත් 103 ත් අතර ප්‍රමාණයක් ගණුදෙනුකරුවන්ගෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ..

ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම පවසන්නේ Snaffle ට ඉදිරියේදී ගෙවිය යුතු දඩ මුදල් පිළිබඳ අධිකරණයෙන් දැනුම්දෙනු ඇති බවයි.

පාරිභෝගික ක්‍රියාකාරී නීති මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා කියාසිටියේ පාරිභෝගිකයින්ට lease products මිලදී ගැනීමට වඩා පොලී රහිත යෝජනා ක්‍රම අනෙක් වෙළඳසැල්වල පවතින බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »