Search

NSW ගංවතුරෙන් ජීවිත 3 ක් අහිමිවී එක් අයෙකු අතුරුදන්

දැඩි වර්ෂාපතනය සහ ගංවතුර හේතුවෙන් නිව් සවුත්වේල්ස් පොදු ප්‍රවාහනයට සහ ප්‍රධාන මාර්ගවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් හි ප්‍රවාහන කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දුම්රිය මාර්ග කිහිපයක් මෙන්ම පැසිෆික් අධිවේගී මාර්ගයට පිවිසෙන ඇතැම් ප්‍රදේශයන් ද මේ වනවිට වසා දමා ඇති බවයි.

ගංවතුරෙන් අවතැන් වූ පදිංචිකරුවන් 50,000 ක් කෙරෙහි ප්‍රාන්ත ස්වේච්ඡා සේවකයින් අවධානය යොමු කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඔවුන් විසින් සපයනු ලැබෙනවා.

ඉදිරි දින කිහිපයක තුළ උතුරු මැද වෙරළ තීරයේ ජලය බැස යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජේන් ගෝල්ඩින් කියාසිටියා.

කෙසේ වෙතත්, ගංවතුර මට්ටම තවමත් ඉහළ මට්ටමක පවතින අතර, ප්‍රදේශයේ ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීම් තවමත් ක්‍රියාත්මක වනවා.

ජලගැලීම් හේතුවෙන් මේ වනවිට ජීවිත 3 ක් අහිමි වී ඇති අතර අද තවත් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා සඳහන් කළේ.

ඊයේ 60 හැවිරිදි කාන්තාවක් මියගොස් 49 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා.

කිසි විටෙකත් ගංවතුර ඇති ප්‍රදේශ හරහා ධාවනය නොකරන ලෙසයි නිව් සවුත්වේල්ස් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »