
ලොව වඩාත්ම අලංකාර ගුවන් සේවා වලින් එකක් දකුණු ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නියමිතයි.
ඒ Cathay Pacific ගුවන් සේවය ඇඩිලේඩ් සහ හොංකොං අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින්.
හොංකොං පදනම් කරගත් ගුවන් සේවය මෙම වසරේ නොවැම්බර් සිට 2026 මාර්තු දක්වා සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කරනු ලබනවා.

Cathay Pacific ගුවන් සේවය මගීන් 280 ක් දක්වා ධාරිතාවයකින් යුත් A350-900 ගුවන් යානයක් මෙයට යොදාගනු ඇති.
2020 දී කොවිඩ් වසංගතයෙන් බාධා ඇති වූ දකුණු ඕස්ට්‍රේලියාවට ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීමේ සැලකිය යුතු පියවරක් ලෙසයි Cathay Pacific ගුවන් සේවය හැඳින්වෙන්නේ.

COVID-19 වසංගතය ආරම්භයේ සිට ඇඩිලේඩ් සිට ජාත්‍යන්තර මාර්ග සඳහා කැපවී සිටින ගුවන් සමාගම් 12 න් එකක් දැන් කැතේ පැසිෆික් වන අතර අනාගතයේදී තවත් අපේක්ෂා කෙරෙන බවයි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රවාහන බලධාරීන් පවසන්නේ.
වැඩිවන මගී සංඛ්‍යාවට ඉඩ සැලසීම සඳහා ඇඩිලේඩ් ගුවන්තොටුපළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් සඳහා ඩොලර් මිලියන 600 ක ආයෝජනයක් සිදුකිරීමට ද නියමිතයි.