Search

ලිබරල් සහ නැෂනල් යළි එකතුවෙන ලකුණු?

ලිබරල් පක්ෂය සහ ජාතික පක්ෂය නැවත සන්ධානගතවීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට එකඟවී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇමති ධූර පත්වීම් නම් කිරීම ප්‍රමාද කිරීමටයි එකඟ වී ඇත්තේ.

අද කැන්බරා හි නැෂනල් පක්ෂ ප්‍රධානී David Littleproud හා ලිබරල් නායක සූසන් ලේ සමග කෙටි සාකච්ඡාවක් පැවැත්වුණා.

නිවේදනයක් නිකුත් කරමින් ලේ පැවසුවේ නැෂනල් පක්ෂය සාමාජිකයින් නැවත සන්ධානයට එක්වීම පිළිබඳ සාකච්ඡාවලට එකඟ වූ බවයි.

දිගුකාලීන දේශපාලන සගයන් වන ලිබර්ල් සහ නැෂනල් පක්ෂ අතර පසුගියදා ප්‍රතිපත්තිමය ඉල්ලීම් 4 ක් සම්බන්ධයෙන් ගැටළු පැන නැගුණා.

ඒ හේතුවෙන් ලිබරල් සන්ධානයෙන් ඉවත්වීමටයි නැෂනල් පක්ෂයේ ප්‍රධානී David Littleproud තීරණය කර තිබුණේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »

සිසුවියන් 10 දෙනෙකු දූෂණය කළ චීන සිසුවාට දුන් දඬුවම

සිසුවියන් දස දෙනෙකුට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දි දූෂණය කළ සිසුවෙකුට ලන්ඩන් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණයට ලක්වූ සිසුවියන් දස දෙනා

Read More »