Search

වික්ටෝරියා යෞවනයින්ගේ අලුත් රියදුරු බලපත්‍ර වංචාව

ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම මාර්ග අනතුරුවලට ලක්වන රියදුරන් අතර තාවකාලික බලපත්‍ර හිමි රියදුරන් සිටින බවට අනාවරණය වී තිබෙනවා.

බලධාරීන් හෙළිකරන්නේ අනතුරුදායක රිය පැදවීම්වලදී ඩෑෂ්කැම් දර්ශනවලින් බහුතරයක් රියදුරන් යෞවනයන් බවයි.

වික්ටෝරියා රජය පවසන්නේ තරුණයින්ට වයස අවුරුදු 18 වන තෙක් P-තහඩුවක් ලබා ගැනීමට ඉඩ නොදීමට ගත් තීරණයට ප්‍රධාන සාධකයක් වන්නේ මෙය බවයි.

නමුත් නිව් සවුත් වේල්ස්, දකුණු ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ඩ් වැනි ස්ථාන වෙත තරුණයින් හොර රහසේ යන බවට අනාවරණය වී තිබෙනවා.

ඒ එම ප්‍රාන්තවල රියදුරු බලපත්‍රයක් ලබාගත හැකි අවම වයස අවුරුදු 17 ක් වීම හේතුවෙන්.

ඒ හේතුවෙන් යෞවනයන් තම බලපත්‍ර ලබා ගැනීම සඳහා වෙනත් ප්‍රාන්තවල නිවාඩු නිකේතනවල හෝ පවුලේ සාමාජිකයින්ගේ ලිපිනයන් භාවිතා කරන බවටයි අනාවරණය වී ඇත්තේ.

වික්ටෝරියා පොලීසිය පවසන්නේ නොමඟ යවන තොරතුරු සැපයීම ඇතුළුව වංචනික ලෙස බලපත්‍රයක් ලබා ගැනීම අපරාධයක් බවයි.

කෙසේවෙතත් අන්තර් රාජ්‍ය බලපත්‍ර ලබා ගන්නා බාල වයස්කාර රියදුරන්ට එරෙහිව තවමත් කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බවයි විශ්වාස කෙරෙන්නේ.

වික්ටෝරියා මාර්ග නීති යටතේ, පදිංචිකරුවෙකු වී මාස හයක් ඇතුළත අන්තර් රාජ්‍ය බලපත්‍රයක් මාරු කිරීමට අපොහොසත් වීම බලපත්‍ර රහිත රිය පැදවීමක් ලෙස සැලකෙනවා.

එවැනි වැරදිකරුවන්ට ඩොලර් 11,855 දක්වා දඩ සහ නඩු පැවරුවහොත් සිර දඬුවම් පවා නියම කළ හැකි බවයි වික්ටෝරියා පොලීසිය අවධාරණය කළේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »