Search

වාහනය charge කළොත් ඔස්ට්‍රේලියා සුපිරි වෙළඳසැලකින් තෑගි

Woolworths විසින් Everyday Rewards සාමාජිකත්වයක් ඇති විදුලි වාහන (EV) රියදුරන්ට තවත් වාසියක් අත්කර දී තිබෙනවා.

ඒ Chargefox ජාලය හරහා EV එක charge කළහොත් දැන් ත්‍යාග ලකුණු පිරිනමන බවයි Woolworths පවසන්නේ.

රට පුරා ඇති Woolworths සුපිරි වෙළඳසැල් 25 ක පිහිටා ඇති විදුලි වාහන චාජර් සියයකට වැඩි ගණනක් මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා.

එම ස්ථානවලින් මෝටර් රථය චාජ් කරන්නේ නම් ඉන් පිටවීමේදී points ලබාගැනීමම දෙගුණ කළ හැකි බවයි Woolworths කියාසිටියේ.

Woolworths EV චාජර් දැනටමත් ඉතා ජනප්‍රිය බව ඔප්පු වී ඇති අතර, සෑම මසකම රියදුරන් දහස් ගණනක් ඒවා භාවිතා කරන බව Chargefox  විධායක සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය, වික්ටෝරියා සහ බටහිර ඕස්ට්‍රේලියාවේ මෙම වැඩිදියුණු කිරීමේ වාසිය ලබා ගැනීමට දැන් හැකි බවයි ඔහු පෙන්වාදෙන්නේ.

අනාගතයේදී රට පුරා තවත් ආරෝපණ මධ්‍යස්ථාන එකතු කිරීමටයි Chargefox සහ Woolworths බලාපොරොත්තු වන්නේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »