Search

මත්පැන් පානය නොකරන ඔස්ට්‍රේලියාවේ තරුණයින්

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් මත්පැන් පානය කිරීම අඩු වී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

සමාජ මාධ්‍ය හා පාසල් මගින් අනතුරු ඇඟවීම් සිදු කිරීම ඊට හේතු වී ඇති බවයි හෙළිව ඇත්තේ.

2001 දී, ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 14 ත් 17 ත් අතර තරුණ තරුණියන්ගෙන් සියයට 70 ක් පසුගිය මාස 12 තුළ මත්පැන් පානය කර ඇති බව National Drug Strategy Household Survey අනුව වාර්තා වුනා.

එහෙත් පසුගිය වසර කිහිපය තුළ, මෙය තරුණයින් 10 දෙනෙකුගෙන් තිදෙනෙකු දක්වා පහත වැටී තිබෙනවා.

එය ස්වීඩනය සහ එක්සත් රාජධානිය වැනි ධනවත් රටවල දක්නට ලැබෙන පහත වැටීමේ ප්‍රවණතාවක් බවයි සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය පදනමේ Craig Martin පවසන්නේ යෞවනයන් මත්පැන් පානයෙන් වැළකී සිටීමට අධ්‍යාපනය විශාල සාධකයක් වී ඇති බවයි

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »