
දණහිස් ආදේශන සැත්කම් [Knee replacement surgeries] සදහා ලොව ප්‍රමුඛතම රොබෝ තාක්ෂණය යොදා ගැනීම ඕස්ට්‍රේලියාව පුරා රෝහල්වල මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.
එහිදී රොබෝ යන්ත්‍රයට රෝගියෙකුගේ දණහිසේ සවිස්තරාත්මක 3D ආකෘතියක් නිපදවිය හැකි අතර, ශල්‍ය වෛද්‍යවරුන්ට කිසිදු කැපුමක් නොකර ඔවුන්ට අවශ්‍ය ශරීර කොටස විස්තරාත්මකව පෙන්වනු ලබනවා.
එමගින් වෛද්‍යවරුන්ට සෑම රෝගියෙකුටම ශල්‍යකර්ම සැලසුම් නිර්මාණය කළ හැකි අතර සුවය ලැබීමේ කාලය ද වේගවත් කළ හැකියි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Doreen Nicholson නැමති 73 හැවිරිදි කාන්තාවක් මෙල්බර්න් Fitzroy හි St Vincent’s පෞද්ගලික රෝහලේදී මෙම නව රොබෝ තාක්ෂණය යොදා ගනිමින් සැත්කමකට ලක් කෙරුණා.
නව තාක්‍ෂණයේ ආධාරයෙන් දණහිස් ආදේශනයකට ලක් වූ ඕස්ට්‍රේලියාවේ පළමුවැන්නා ඇයයි.
