
වොෂින්ටන් ඩීසී හි යුදෙව් කෞතුකාගාරයක් අසලදී ඊශ්‍රායල තානාපති කාර්යාල සේවකයින් දෙදෙනෙකුට පලස්තීන ජාතිකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
වෙඩි තැබීමට පෙර සැකකරු කෞතුකාගාරය අසල ඇවිදිමින් සිට ඇති අතර රාත්‍රී 9ට පමණ සේවකයින් දෙදෙනා කෞතුකාගාරයෙන් පිටවෙන අවස්ථාවේ වෙඩි තැබීම සිදුකර ඇති බවයි ඇමරිකානු ආරක්ෂක නිළධාරීන් පවසන්නේ.
පසුව සැකකරු කෞතුකාගාරය ඇතුලට යාමට උත්සහා කරන විට එහි ආරක්ෂක අංශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත්ව සිටින විට සැකකරු ‘free palestine’ ලෙස පවසමින් සිටි බව පොලිස්පතිනිය සදහන් කර සිටියා.
ඔහු චිකාගෝ නගරයේ පදිංචි වයස අවුරුදු 30 ක් වූ එලියාස් රොඩ්රිගස් නම් පුද්ගලයෙකු වන බව හඳුනාගෙන ඇති අතර මෙම සාපරාධී ක්‍රියාවට වගකිව යුතු අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද බලධාරීන් කියා සිටියා.
