Search

දකුණු ඔස්ට්‍රේලියාවට අයිස් කුණාටුවක්

ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයට ලබන සතියේ අයිස් කුණාටුවකට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අගවනවා.

කඳුකර ප්‍රදේශවල තද සුළං, වැසි සහ හිම පතනයන් ඇති විය හැකි බවටයි අනාවැකි පළ වන්නේ.

ටස්මේනියාව, වික්ටෝරියාව, දකුණු New South Wales , ACT සහ දකුණු ඔස්ට්‍රේලියාවට මින් දැඩි බලපෑම් එල්ල වනු ඇති.

වික්ටෝරියා සහ New South Wales හි කඳුවැටි ප්‍රදේශ සඳහා ද තද හිම වැසි ඇතිවිය හැකි අතර කැන්බරා සහ ටස්මේනියාව50 cmක පමණ හිම පතිත විය හැකියි.

මේ අතර වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට 10 mm ක පමණ වැසි ද අපේක්ෂා කෙරෙනවා.

වික්ටෝරියා සහ ටස්මේනියාවේ කඳුවැටි හා වෙරළ ප්‍රදේශවල 100 km/h ක පමණ සුළං වේගයක් වාර්තා විය හැකි බවයි කාලගුණ වාර්තා පවසන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »