Search

රටවල් 82 ක් පරදා ලොව හොදම පවුල් හිතකාමී රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි

සංචාරක සඟරාවක් වන Conde Nast Traveller සාධක 24ක් යොදාගනිමින් සිදුකල සමීක්ෂනයකට අනුව ප්‍රබල රටවල් 82 ක් පරදා ලොව හොදම පවුල් හිතකාමී රට බවට ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.

අධ්‍යාපන ක්‍රමය සඳහා ආකර්ෂණීය ලකුණු හිමිකරගත් ශ්‍රී ලංකාව වසරකට ඩොලර් 354.60 ක අඩු වාර්ෂික ළමාරක්ෂක පිරිවැයක් සහිත රට ලෙසද වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවේ මෙතරම් ඉහළින් ශ්‍රේණිගත වීම පුදුමයක් නොවන අතර රටේ ආගන්තුක සත්කාර, මිනිසුන්ගේ මුහුනේ සෑම විටම ඇති සිනහව, පවුල් හිතකාමී හෝටල් ,විශාල ජාතික වනෝද්‍යාන, පුළුල් වෙරළ තීරයන් සහ සිත් ඇදගන්නාසුළු ඉතිහාසය පිලිබඳව සඟරාව මඟින් පෙනවා දී තිබෙනවා.

තවද ඔස්ට්‍රේලියාව මෙම ශ්‍රේණිගත කිරීමේ 9 වන ස්ථානයේ පසු වෙනවා.

2025 දී පවුල් සඳහා වඩාත්ම හිතකාමී රටවල් මේවාය.
1. ශ්‍රී ලංකාව
2. ස්වීඩනය
3. නෝර්වේ
4. නවසීලන්තය
5. අයිස්ලන්තය
6. ජර්මනිය
7. ෆින්ලන්තය
8. ඩෙන්මාර්කය
9. ඕස්ට්‍රේලියාව
10. ඇමරිකා එක්සත් ජනපදය

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »