
දැඩි කාලගුණික අර්බුදයක් මධ්‍යයේ නිව් සවුත් වේල්ස් Mid North Coast ප්‍රදේශයේ ජලයෙන් යට වූ නිවසක් තුළ තිබී පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
Moto හි North Moto මාර්ගයේ පිහිටි ඉඩමක තිබී 63 හැවිරිදි මෙම මළ සිරුර සොයා ගෙන තිබූ බවයි වාර්තා වුනේ.
දැඩි වර්ෂාපතනය දිගටම පැවතීම නිසා දස දහස් ගණනක් ජනතාව හුදකලා වී ඇති අතර සිය ගණනක් ගංවතුරෙන් බේරාගත් බවයි බලදාරීන් සදහන් කලේ.

මෑත කාලීනව ඇද හැලුණු මෙම අධික වර්ෂාවේ බලපෑම නිසා ගංගාද පිටාර ගලමින් තිබෙනවා.
පැය 24 තුළ තවදුරටත් මිලිමීටර් 200-300 අතර වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා ඇත්තේ.

අනතුරු ඇඟවීම් 115 ක් පමණ ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වූ අතර, ගංවතුර මාර්ගයේ සිටින ප්‍රදේශවාසීන්ට හැකි නම් උස් බිම්වලට ගොස් ඉවත් වන ලෙසද කාලගුණ විද්‍යා කාර්යාංශය ඉල්ලා සිටියා.
ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතා දුෂ්කර සහ භයානක වීම නිසා අනතුරු ඇඟවීම්වලට අවනත වීම වැදගත් බවද කාලගුණ විද්‍යා කාර්යාංශය දැනුම් දෙනවා.