
ජනප්‍රිය vaporiser වර්ගයක් වන Euky Bear vaporiser නැවත කැඳවා තිබෙනවා.
ඒ Euky Bear Warm Steam Vaporiser සම්බන්ධයෙන් ඊයේ දිනයේදී Therapeutic Goods Administration (TGA) විසින් සිදු කල අනතුරු ඇඟවීමක් හේතුවෙන්.
වාෂ්ප නිකුත් වීම නතර වූ පසු මෙම vaporiser ක්‍රියා විරහිත නොකළහොත් heating module යේ ආවරණය වන කොටස අධික ලෙස රත් වී දුම් නිපදවීමේ අවදානමක් පවතින බවයි TGA පවසන්නේ.

heating module මත ඇඟිල්ල තැබුවහොත් , එය පරිශීලකයින්ට පිළිස්සුම් ඇති කළ හැකි බවද අනතුරු අගවා තිබෙනවා.
2023 දී එම ගැටලුව සම්බන්ධයෙන් මෙම vaporiser කාණ්ඩ හතරක් නැවත කැඳවීමෙන් පසුවත් යලි මෙම තත්වය ඇතිව තිබෙනවා.

ඒ අනූව මෙවර EBSV2013 මාදිලි අංකය සහිත වාෂ්පකාරකයේ සියලුම කාණ්ඩ නැවත කැඳවීමටයි නියම කර ඇත්තේ.
මෙම දෝශ සහිත vaporiser මිලදී ගත් ඕනෑම අයෙකු වහාම එය භාවිතා කිරීම නවතා, එය විසන්ධි කර ඉවත දමන ලෙස දැනුම් දී තිබෙනවා.
මෙම උපාංගය මිලදී ගත් ගබඩාවට ආපසු නොදෙන ලෙස ද පාරිභෝගිකයින්ට උපදෙස් ලබාදෙනවා.
වසර 40 කට පෙර පිහිටුවන ලද Euky Bear යනු ළදරුවන් සහ කුඩා දරුවන් සඳහා නිෂ්පාදන හදුන්වාදෙන ඕස්ට්‍රේලියානු හිමිකාරීත්වය දරන සමාගමක්.