ශ්‍රී ලංකා විපක්ෂ නායකට සහ බිරිඳට කොවිඩ්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ ඊයේ දිනයේදී තම බිරිඳ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ පී සී ආර් පරීක්ෂණයකට භාජනය කෙරුණු බවයි.

එහිදී ඇය කොවිඩ් ආසාධිත බව හෙළිකරගෙන තිබෙනවා.

අනතුරුව සජිත් ප්‍රේමදාස ද පී සී ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුද කොවිඩ් ආසාධිත බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

තමා සහ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කල ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්.

මෙම අසීරු අවස්ථාවේදී පවා විපක්ෂයේ කාර්යභාරය ඉටුකරමින් මහජනතාවගේ සෞඛ්‍ය තත්වය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජාතියක් ලෙස මෙම සටනට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙසටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »