Search

මෙල්බන් නිවසක ගින්නක් – තිදෙනෙකුට අසාධ්‍යයයි

මෙල්බන් නිවසක හටගත් ගින්නකින් තරුණයින් දෙදෙනෙකු සහ කාන්තාවක බරපතල තත්වයේ පසුවනවා.  

 ඊයේ රාත්‍රී 10 ට පමණ චැඩ්සන් හි ටෙරිගල් වීදියේ පිහිටි දෙමහල් නිවසකයි මෙම ගින්න හටගැනුණේ.

 ගිනිදැල් මැදින් නිවසට ඇතුළු ගිනි නිවන භටයින්ට මොවුන් තුන්දෙනා හමුවී තිබෙනවා.

 ගැහැණු දරුවන් ප්‍රාථමික පාසල් යන වයස්වල පසුවූ අතර කාන්තාව වයස අවුරුදු 30 ක පමණ වන බවයි පොලීසිය පවසන්නේ.

අසාධ්‍ය තත්වයේ පසුවූ ගැහැණු ළමුන් රාජකීය රෝහලට ඇතුලත් කර ඇති අතර කාන්තාව ඇල්ෆ්‍රඩ් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ගිනි නිවන භටයින් විනාඩි 35 කින් පමණ ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්.

ගිනි නිවන ඒකකය පවසන්නේ ගින්නෙන් දෙවන මහලේ නිදන කාමර විනාශ වී ඇති බවයි.

ගින්නට හේතුව සොයා බැලීමේදී පොලිසිය ගින්න සැක සහිත බව විශ්වාස කරනවා.

ගින්න පිළිබඳ වික්ටෝරියා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »