
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 40 සහ 50 අතර කාන්තාවන් වැඩිදෙනෙකු මානසික පීඩාවෙන් පසුවන බව උපදේශකයින් පවසනවා.
ඒ සදහා කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු බවයි උපදේශකයින් අනතුරු අඟවන්නේ.
බොහෝ විට රැකබලා ගන්නන්, වෘත්තිකයන් සහ මව්වරුන් ලෙස විවිධ භූමිකාවන් හසුරුවන බොහෝ කාන්තාවන්, කම්පනය, පවුල් ප්‍රචණ්ඩත්වය හෝ රැකබලා ගැනීමේ පීඩනවලට හසුව සිටින බවයි අනාවරන වී තිබෙන්නේ.

මෙම තත්වය නිසා ඔවුන් මානසික සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවද උපදේශකයින් පෙන්වා දෙනවා.
මානසික සෞඛ්‍ය සංවිධානයක් වන සේන් (SANE) වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියානු මව්වරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ආසන්න වශයෙන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ මානසික සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවයි.

බොහෝ මව්වරුන් අසාමාන්‍ය මානසික දරාගැනීම් ප්‍රමාණයකට මුහුණ දෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.