Search

මුහුදු ජල මට්ටම් ගැන අනතුරු ඇඟවීම්

ඕස්ට්‍රේලියානුවන්ට තවදුරටත් ජනප්‍රිය Holiday Islands නැරඹීමට නොහැකි වී තිබෙනවා.

ඊට හේතුවී තිබෙන්නේ  ඕස්ට්‍රේලියාව වටා කාලගුණය සිසිල් වන විට, අයිස් දිය වෙමින් පවතින අතර මුහුදු මට්ටම  වේගයෙන් ඉහළ යාමයි.

ඉදිරි සියවස් කිහිපය තුළ මුහුදු මට්ටම ඉහළ යාම ඔස්ට්‍රේලියාව මෙන්ම තවත් රටවල් වලද සිදුවන බව ඩර්හැම් විශ්ව විද්‍යාලයේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර කණ්ඩායමක් ලොව පුරා දත්ත සමාලෝචනය කිරීමෙන් පසුව සොයා ගෙන තිබෙනවා

ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව පොසිල ඉන්ධන ව්‍යාපෘති අනුමත කිරීම දිගටම සිදු කරගෙන යනු ලබන අතර
වෙරළ තීරයක් ඇති ඕනෑම රටක් මෙවැනි ගැටළු වලට ගොදුරු විය හැකි බවද පරීක්ශණ කණ්ඩායම් පෙන්වා දෙනවා.

ට්‍රම්ප් පරිපාලනය යටතේ, එක්සත් ජනපදය මෙම  ගැටලුව විසඳීමට ඇති උත්සායහන්ගෙන් ඉවත් වෙමින් සිටිනවා.

ඕස්ට්‍රේලියාවද නව පොසිල ඉන්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් අනුමත කිරීම දිගටම සිදුකරගෙන යනු ලබනවා.

ඒ අනූව ලොව තුන්වන විශාලතම පොසිල ඉන්ධන අපනයනය කරන රට ඕස්ට්‍රේලියාව වන අතර 2023-24 මූල්‍ය වර්ෂය තුළ බදු ගෙවන්නන්ට  මෙම ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 14.5 ක සහනාධාරද ලබා දී තිබුනා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »