බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතුරින් ශිරාන් ප්‍රනාන්දුට පමණක් කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඒ සිදුකල දෙවන පී සී ආර් පරීක්ෂණ වාර්තාවට අනුවයි.
ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී තිබුණේ.
කෙසේවෙතත් ඉසුරු උදාන සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට සිදුකල ද 02 වන පී සී ආර් පරීක්ෂණයෙන් ඔවුන් ආසාධිතයන් නොවන බව තහවුරු වී ඇති අතර තරගාවලිය සැලසුම් කල පරිදි පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලා.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 12 යි 30 ට ඩකා හිදී ආරම්භ වීමට නියමිතයි.