
තායිලන්තය තුළ සිදුවන ඕස්ට්‍රේලියානු සංචාරකයින්ගේ මරණ සංඛ්‍යාවේ සහ අනතුරු වල ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් අනතුරු ඇඟවීම් ඉහළ නංවා තිබෙනවා.
විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව එහි 2 වන මට්ටමේ සංචාරක අනතුරු ඇඟවීම නිකුත්කර ඇති අතර, ඕස්ට්‍රේලියානු සංචාරකයින් තායිලන්තයට යන විට දැඩි ප්‍රවේශම් විය යුතු බවයි එමගින් ඉල්ලා සිටින්නේ.
එබැවින් තායිලන්තයේදී සංචාරකයින්ට සිදුවන රථවාහන අනතුරු වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කල යුතු බවයි ඔස්ට්‍රේලියා බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඒ අනූව මෙම උපදේශනය සංචාරකයින්ට ඔවුන්ගේ සැලසුම් නැවත සලකා බැලීමට හේතු විය හැකි වන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් මෙම තත්වය මත සංචාර ප්‍රමාද කිරීම් හෝ වළක්වා ගැනීම් පිළිබඳ සංචාරකයින්ගේ අවධානය යොමුකළ හැකිවනවා.

තායිලන්තය ඕස්ට්‍රේලියානුවන් සඳහා වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙසයි වාර්තා වන්නේ.