
අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.
2024 ජූලි 2 වන දින 27 හැවිරිදි ෆිලිප් රීඩි (Phillip Reidy) නැමති පුද්ගලයෙකුට එරෙහිව පැවති පවුල් හිංසනය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගොස් තිබෙනවා.
එහිදී ඔහුට මාංචු දමීමින් සිටියදී වැසිකිළිය භාවිත කිරීමට ඉල්ලා තිබුණා.

පොලිසිය එම ඉල්ලීම පිළිගෙන ඔහු නිවස ඇතුළට යැවු අවස්ථාවේ මේසය මත තිබු Cyanide පානය කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මිනිත්තු කිහිපයක් තුළ ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණයට හේතුව Cyanide විෂ වීමක් බවට තහවුරු වුනා.
මරණ පරීක්ෂක පෝල් ලෝරි (Paul Lawrie) පවසන්නේ, Phillip Reidy සැලසුමක් මත ඔහුගේ මරණය සිදුකර ගත් බවයි.