
වික්ටෝරියා ප්‍රාන්තයේ ෆ්‍රී කෑම්පින් (Free camping) ක්‍රමය අවසන් කිරිමට රජය සූදානම් වනවා.
වෙන්කළ කඳවුරු භාවිත නොවීම සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළු ඊට හේතුවයි.
වික්ටෝරියා රජය පවසන්නේ ප්‍රාදේශීය සංචාරක ක්ෂේත්‍රයට හානි වීම හේතුවෙන් රජයේ පරිපාලනය යටතේ පවතින ෆ්‍රී කෑම්පින් (Free camping) ස්ථාන අවසන් කරන බවයි.

ඒ අනුව ජූලි 1 වනදා සිට ෆ්‍රී කෑම්පින් (Free camping) ක්‍රමය අවසන් කිරීමටයි රජය සූදානම් වන්නේ.
ඒ වෙනුවට අර්ධ මිලකට පියවරෙන් පියවර කෑම්පින් වෙන්කිරීම් ක්‍රියාත්මක කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.
