
සංක්‍රමණිකයින්ගේ සේවය සූරාකෑමට එරෙහිව ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය (ABF) උතුරු ක්වින්ස්ලන්ඩ් පුරා මෙහෙයුමක් දියත්කර තිබෙනවා.
දින 3 ක කාලයක් සිදුකෙරෙන මෙම මෙහෙයුමේදී සේවකයින්ගේ සනීපාරක්ෂාව ඇතුළු පෞද්ගලික සේවා පිළිබඳ අවධානය යොමුකරන බවයි ABF නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අවදානමට ලක්විය හැකි සංක්‍රමණික සේවකයින් ආරක්ෂා කිරීම, සේවා යෝජකයින්ට ඔවුන්ගේ වගකීම් මතක් කිරීම සහ උදව් අවශ්‍ය අයට සහාය ලබාදීම මෙහි ප්‍රධාන අරමුණු වනවා.

මෙම මෙහෙයුම් Field Operations and Sponsor Monitoring (FOSM) ඒකකය මඟින් පවත්වනු ලැබූ අතර ව්‍යාපාරික ස්ථාන 20කට වඩා වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කෙරුණා.
එහිදී විසා නීති උල්ලංඝන සහ සේවක අපයෝජන සිදුවීම් කිහිපයක් ද හඳුනාගෙන තිබෙනවා.

සේවක නීති උල්ලංඝනය කළ ව්‍යාපාරවලට, Migration Act යටතේ දඩ සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ABF නිලධාරීන් සැලසුම් කර තිබෙනවා.
සැකසහිත ක්‍රියාකාරකම් හෝ විදේශික නීති උල්ලංඝන පිළිබඳ තොරතුරු ඇත් නම්, ඕස්ට්‍රේලියානු සිමා ආරක්ෂණ අමාත්‍යංශය වෙත Border Watch වෙබ් අඩවිය හරහා වාර්තා කරන ලෙසයි නිලධාරීන් ඉල්ලා සිටින්නේ.