Search

Telstra plans හි මිල ගණන්වල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ විශාලතම ටෙලිකොම් සමාගමක් මිල ගණන් ඉහළ නැංවීමට සූදානම් වනවා.

Telstra පාරිභෝගික සමූහයේ විධායක බ්‍රැඩ් විට්කොම්බ් පැවසුවේ ටෙල්ස්ට්‍රා තම ජාලයේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බැවින් Postpaid mobile, Mobile data සහ Home small business internet plans හි මිල ගණන් වෙනස් කරන බවයි.

සිය සේවාවන්හි කාර්ය සාධනය හා අත්දැකීම් වැඩිදියුණු කිරීම් වෙනුවෙන් වැඩි ආයෝජනයක් කිරීම සඳහා මෙම වෙනස්කම් සිදුකළ බවයි විට්කොම්බ් කියාසිටියේ.

නව සැලසුම් යටතේ, ටෙල්ස්ට්‍රා සමඟ සිටින බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ජංගම සහ අන්තර්ජාලයේ සෑම මසකම ඩොලර් 3 සිට ඩොලර් 5 දක්වා වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති.

Telstra postpaid ඩොලර් 65 සිට ඩොලර් 70 දක්වා ඉහළ යනු ඇති අතර, එහි NBN25 සහ NBN50 plans ඩොලර් 4 බැගින් සහ NBN100 plans ඩොලර් 3 කින් වැඩි කිරීමට නියමිතයි.

ටෙලිකොම් හි lowest-start mobile plans, starter NBN plans, සහ premium plans හි මිල වෙනස්කමක් සිදුනොවන බවයි ආයතන බලධාරීන් පවසන්නේ.

Telstra high-speed home internet plans එකද අඩු කර ඇති අතර, NBN250 සඳහා මසකට ඩොලර් 1 කින් සහ NBN1000 මසකට ඩොලර් 11 කින් අඩු වනවා.

නමුත් Pre-paid plans හි මිල වෙනස්වීම් සිදුවන්නේ නැහැ.

Telstra පවසන්නේ තම ගනුදෙනුකරුවන් එහි ප්‍රමුඛතාවය බවයි.

 

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »