Search

නිව් සවුත්වේල්ස් අලුත්ම ගංවතුර තත්වය

නිව් සවුත්වේල්ස් හි ප්‍රදේශ කිහිපයකට මේ වනවිට දරුණු ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා.

ප්‍රාන්තයේ හදිසි සේවා (SES) පවසන්නේ Wingham, Taree, සහ Dumaresq දූපත්වල ඇතැම් ප්‍රදේශවල පදිංචිකරුවන් ජලගැල්ම හේතුවෙන් නිවෙස්වල සිරවී සිටින බවයි.

චොපර් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් බේරාගැනීමට පැය ගණනක් ගත වනු ඇතැයි හදිසි සේවා අංශ සඳහන් කළා.

ටරී නගරයට වාර්තාගත ගංවතුරක් ඇති වී ඇති අතර දින ගණනක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මැනිං ගඟ අද උදෑසන මීටර් හයක් ඉක්මවා ගොස් ඇතැයි ආපදා කළමණාකරන අංශය පවසනවා.

අද දිනයෙත් වඩාත් දරුණු කාලගුණික තත්වයක් අපේක්ෂා කරන අතර උතුරුමැද වෙරළ තීරයේ සිට ග්‍රැෆ්ටන් දක්වා තද වැසි ඇද හැලෙනු ඇති බවයි කාලගුණ විද්‍යා කාර්යංශය කියාසිටියේ. .

Coffs Harbour, Port Macquarie, Taree, Kempsey, Woolgoolga, Sawtell, Dorrigo, Wingham, සහ Yarrowitch අවට පැය 24 ක් තුළ මිලිමීටර් 150 සිට 200 දක්වා වැසි ඇද හැලීමට ඉඩ ඇති බවද ඔවුන් සඳහන් කළා.

මේ අතර නිව් සවුත් වේල්ස් මාර්ග අමාත්‍ය ජෙනී එයිච්සන් ​​මේට්ලන්ඩ් මෝටර් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ හදිසි සේවා වලින් ලැබෙන උපදෙස් පිළිපදින ලෙසයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »