Search

බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොරෝනා ???

බංග්ලාදේශයේ තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ පුහුණුකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පළවන වාර්තා පිළිබඳ සොයා බලමින් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝ පැවසුවේ දැනට බංග්ලාදේශයේ සිටින කණ්ඩායම් කළමණාකරුගෙන් තමන් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් ඉල්ලා ඇති බවයි.

ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු සහ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්ට මෙලෙස කොරොනා වෛරසය ආසාදනය වී ඇති බවටයි මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 12 යි 30 ට ඩකා හිදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් යාමට පෙර සහ බංග්ලාදේශයට යාමෙන් පසු පැවති සියලු පී සී ආර් පරීක්ෂණවලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලූම සාමාජිකයන් සෘණාත්මක වී තිබුණා.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »