
වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.
සංචිත බැංකුව ඊයේ පොලී අනුපාතය සියයට 3.85 දක්වා අඩු කිරීමෙන් සාමාන්‍ය උකස් හිමියෙකුට වසරකට ඩොලර් 2500 කට වඩා ඉතිරි කර ගත හැකි වනවා.
විශේෂයෙන් සිඩ්නි සහ මෙල්බන් නගරවල නිවාස මිල ඉහළයාම දැන් ආරම්භ වී ඇති බවයි පර්යේෂණ හා ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය නිකොලා පවෙල් පැවසුවේ.

අනුපාත කප්පාදුව යම් තරමක සහනයක් ලැබුනද දැඩි නිවාස වෙළඳපොළ තරඟකාරිත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ඇය සඳහන් කළා.
AMP නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ඩයනා මූසිනා අනාවැකි පළ කළේ මෙම වසරේ නිවාස මිල සියයට 3 කින් පමණ ඉහළ යනු ඇති බවයි.

කෙසේවෙතත් නිවාස පිරිවැය ඉහළ යාමේ හැකියාව පිළිබඳව ඊයේ කළ ප්‍රශ්න කිරීම්වලදී RBA අධිපති මිෂෙල් බුලොක් පැවසුවේ බැංකුවේ අවධානය උද්ධමනය කෙරෙහි යොමු විය යුතු බවයි.
නිවාස සඳහා ඇති ගැටළුව සැපයුම සහ ඉල්ලුම බව ඇය වැඩිදුරටත් කියාසිටියා.