Search

ඔස්ට්‍රේලියා ප්‍රාන්තයක දුම්රිය මගීන්ට ලබන සතියේ ගමන් නොමිලේ

සිඩ්නි මගීන්ට ලබන සතියේ එක් දිනයක නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අද දින බොහෝ දුම්රිය මාර්ගවල අවුල් සහගත බාධා අඛන්ඩව පැවති බැවින්.

ඒ වෙනුවට ලබන සඳුදා ගාස්තු රහිත දිනයක් වනු ඇතැයි අගමැති ක්‍රිස් මින්ස් 2GB වෙත පවසා සිටියා.

සිඩ්නි දුම්රිය සේවය තහවුරු කර ඇත්තේ Strathfield හි පවතින විදුලිබල සැපයුම් ගැටළු හේතුවෙන් අද උදෑසන නගරය පුරා දුම්රිය ප්‍රමාද වන බවයි.

X හි සටහනක් මගින් ඔවුන් සඳහන් කර ඇත්තේ ඇතැම් දුම්රිය ගමන් ක්‍රියාත්මක වුවද ගමන් වාර අඩුකර සාමාන්‍ය කාලසටහනට ධාවනය කළ නොහැකි බවයි.

එබැවින් අත්‍යවශ්‍ය නොවන ගමන් ප්‍රමාද කරන මෙන් ඔවුන් මගීන්ට ඉල්ලා තිබෙනවා.

ඊයේ පස්වරුවේ හෝම්බුෂ් අසල විදුලි රැහැන් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන්  සිඩ්නි දුම්රිය ජාලයෙන් සියයට 80 ක ප්‍රමාදයන් සිදුවුණා.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »