
උතුරු Queensland හි නිවසක මාළු ටැංකියක ඇති කළ කිඹුල් පැටවෙකු රාජසන්තක කර තිබෙනවා.
මොස්මන් හි [Mossman] ගඟකින් කිඹුලා සොයා ගත් බවයි අදාළ නිවසේ පුද්ගලයා පවසා ඇත්තේ.
ක්වීන්ස්ලන්ත උද්‍යාන සහ වනජීවී ජ්‍යෙෂ්ඨ සංරක්ෂණ නිලධාරි ඩැනියෙල් ගයිමර් [Daniel Guymer] පවසන්නේ සෙන්ටිමීටර 35ක් දිග කිඹුලාගේ වයස වසරකටත් වඩා අඩු බවයි.

කිඹුලා සුරතල් සතෙකු ලෙස තබා ගත් පුද්ගලයාට ඩොලර් 2,419ක දඩයක් ගෙවීමට දින 28ක කාලයක් ලබා දී තිබෙනවා.
කිඹුල් පැටවා උතුරු Queensland හි සත්ත්වෝද්‍යානයකට රැගෙන ගොස් තිබෙනවා.

වික්ටෝරියා සහ උතුරු පළාතේ පමණක් විශේෂ අවසර සහිතව කිඹුලන් තබා ගත හැකි අතර රට පුරා කිඹුලන් සුරතල් සතුන් ලෙස තබා ගැනීම බොහෝ දුරට තහනම් කර තිබෙනවා.