
Endometriosis පර්යේෂණ ආයතනයක් සිඩ්නි නගරයේ පිහිටුවීමට $ මිලියන 50 ක වාර්තාගත පරිත්‍යාගයක් හිමිවී තිබෙනවා.
නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය (UNSW) පවසන්නේ Endometriosis පිළිබඳ පර්යේෂණ ආයතනයක් සඳහා ලැබුණු ලොව විශාලතම පරිත්‍යාගය එය බවයි.
Ainsworth Endometriosis Research Institute ලෙස නම් කර ඇති එය රෝග නිරෝධායනය හා ප්‍රතිකාර ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවීිමට නියමිතයි.

පරිත්‍යාගශීලියා වන අයින්ස්වර්ත් පවුල [Ainsworth family] පෝකර් යන්ත්‍රවලින් [poker machines] තම ධනය උපයා ගෙන ඇති අතර, ව්‍යාපාරික ලෙන් අයින්ස්වර්ත් [Len Ainsworth] විසින් ලොව දෙවන විශාලතම ක්‍රීඩා සමාගම වන ඇරිස්ටෝක්‍රැට් ලෙෂර් [Aristocrat Leisure] ආරම්භ කර තිබෙනවා.
Endometriosis යනු නිදන්ගත රෝගයක් වන අතර එහිදී ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලයට සමාන පටක ඉන්ද්‍රියෙන් පිටත වර්ධනය කෙරෙනවා.

ඉන් බොහෝ විට දැඩි වේදනාවක් හෝ දැවිල්ලක් ඇති වන අතර වඳභාවයට ද බලපානු ලබනවා.
ඕස්ට්‍රේලියානු කාන්තාවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුට වයස අවුරුදු 44 වන විට මෙම තත්ත්වය ඇති වන බවට ගණන් බලා ඇති අතර රෝග විනිශ්චය කිරීමට ගතවන කාලය අවුරුදු 7 ක් පමණ වනවා.