
වික්ටෝරියා ප්‍රාන්තයට අධික සීත කාලගුණ තත්තවයක් පිළිබද අනතුරු අගවා තිබෙනවා.
සතිය ආරම්භයේදී සිට වික්ටෝරියාව පුරා උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.
මෝවෙල් (Morwell) නගරයේ උෂ්ණත්වය -3.9°C දක්වා පහත වැටී ඇති අතර වසර 42ක් තුළ මැයි මාසයේ වාර්තා වූ පහලම උෂ්ණත්වය ලෙසයි එය සටහන් වී ඇත්තේ.

සියලුම කලාප සඳහා හිම අනතුරු ඇඟවීම් මේ වනවිට නිකුත් කර තිබෙනවා.
රියදුරන්ට ලිස්සන සුළු මාර්ග පිළිබඳව දැනුවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පෙරේදා, මෙල්බන් නුවර Olympic Park හි උෂ්ණත්වය 2.3°C දක්වා පහත වැටුණු අතර, එය 2023 වසරේ අගෝස්තු 1 වනදායින් පසු වාර්තා වූ පහලම උදෑසන උෂ්ණත්වයයි.
මේ අතර කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ සීතල උදෑසන තත්වයන් සතිය පුරා පවතිනු ඇති බවයි.