Search

ජීවත් වන්නට රැකියා දෙකක් කරන ඔස්ට්‍රේලියානුවෝ

ඕස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් ජීවත්වීම සදහා දෙවන රැකියාවක යෙදෙන බව පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.

ගෝලීය බඳවා ගැනීමේ සමාගමක් වන රොබට් වෝල්ටර්ස් [Robert Walters] පවසන්නේ ඕස්ට්‍රේලියානු වෘත්තිකයන්ගෙන් සියයට 70 ක් පමණ දෙවන රැකියාවක් සලකා බලමින් හෝ දැනටමත් සේවය කරමින් සිටින බවයි.

පුද්ගලයින් 2000 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී, සියයට 90 ක් පවසා ඇත්තේ ඔවුන්ගේ වැටුප පමණක් වාර්ෂික වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.

ජීවන වියදම් පීඩනය ඉහළ යන විට, මූල්‍ය ස්ථාවරත්වය සඳහා වැඩි වශයෙන් වෘත්තිකයන් දෙවන රැකියා හෝ අමතර ආදායම් මාර්ග සදහා යොමුවන බවයි රොබට් වෝල්ටර්ස් [Robert Walters] ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රධාන විධායක නිලධාරී ෂේ පීටර්ස් [Shay Peters] පෙන්වා දෙන්නේ.

තම වැටුපෙන් වඩාත්ම අතෘප්තිමත් වන්නේ කුමන ප්‍රාන්ත ද යන්න පිළිබදව ද අධ්‍යයනයේදී අවධානය යොමු කර තිබෙනවා.

නිව් සවුත්වේල්ස් හි, සහභාගී වූවන්ගෙන් සියයට 90 ක් සහ වික්ටෝරියානුවන්ගෙන් සියයට 84 ක් ප්‍රමාණවත් නොවන වැටුප් ගැටළු පිිළිබඳ වාර්තා කර තිබෙනවා.

Queensland හි සහභාගී වූවන්ගෙන් සියයට 83 ක් සහ බටහිර ඕස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 80 ක් පවසන්නේ තමන්ට ද වැටුප් ගැටළු ඇති බවයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »