Search

වික්ටෝරියා අයවැයෙන් ජනතාවට ලැබෙන වාසි අවාසි

වික්ටෝරියා භාණ්ඩාගාරික ජැක්ලින් සයිම්ස් විසින් 2025-26 පළමු අයවැය ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා.

ජීවන වියදමට සහනයක් දෙමින් මෙවර අයවැය ඉදිරිපත් කළ බවයි ඇය කියාසිටියේ.

මෙවර අයවැයෙන් සහන හිමිවූ අයගෙන් එක් කොටසක් වන්නේ කාඩ්පත් හිමියන් වන අතර ඔවුන්ට අමතර ඩොලර් 100 ක බලශක්ති ඉතිරිකිරීමේ ප්‍රසාද දීමනාවක් ලබා දෙනු ඇති.

එමෙන්ම වයස අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට ලබන ජනවාරි පළමු වනදා සිට සති අන්තයේ නොමිලේ පොදු ප්‍රවාහන ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.

එමෙන්ම වයස අවුරුදු 18 ට අඩු ළමුන් සඳහා ප්‍රාන්තය පුරා පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, එමඟින් එක් දරුවෙකුට වසරකට ඩොලර් 755 ක් දක්වා ඉතිරිකර ගත හැකි වනවා.

ප්‍රාන්තයේ සෞඛ්‍ය තත්වය නගාසිටුවීම වෙනුවෙන් මෙවර අයවැයෙන් වාර්තාගත ඩොලර් බිලියන 31 ක් වෙන්කර තිබෙනවා.

වසර අවසන් වන විට විවෘත වන නව Footscray රෝහල ඇතුළුව ප්‍රාන්තය පුරා නව හෝ පුළුල් කරන ලද රෝහල් නවයක් විවෘත කිරීම සඳහා ඩොලර් මිලියන 634 ක් වෙන්කර ඇති බවයි භාණ්ඩාගාරික වරයා කියාසිටියේ.

මේ අතර අසාත්මිකතා, ඔක්කාරය, අධි රුධිර පීඩනය සහ සුළු තුවාල ප්‍රතිකාර සඳහා නොමිලේ උපදේශන සඳහා තම වෛද්‍යවරයා හමුවීමට හැකියාව හිමිවනවා.

පවතින උද්ධමනයත් සමග දෙමාපියන් හෝ සහන කාඩ්පත් හිමියන් නොවන වික්ටෝරියානුවන්ට මෙම අයවැයෙන් වැඩි සහනයක් නොලැබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

පසුගිය වසරේ ඩොලර් 400 ක බලශක්ති ඉතිරිකිරීමේ ප්‍රසාද දීමනාව මෙම වසරේ සහන කාඩ්පත් හිමියන් සඳහා සකස් කර තිබෙනවා.

2025-26 මූල්‍ය වර්ෂය තුළ ඉඩම් බද්ද ඩොලර් බිලියන 7.6 ක් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ණය ආපසු ගෙවීම සියයට 5.7 කින් වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

මෙවර අයවැයෙන් “නව බදු නැත” යනුවෙන් පොරොන්දු වුවද, පසුගියදා ගිනි නිවන සේවා බද්ද සම්මත වූ අතර,  ගිනි නිවන සේවාවන්ට සහාය වීම වෙනුවෙන් ඉඩම් හිමියන් ගෙවිය යුතු ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කර තිබෙනවා.

අයවැය මඟින් රාජ්‍ය අංශයට ඩොලර් බිලියන 3.2 ක කප්පාදුවක් ඇස්තමේන්තු කර ඇති අතර රාජ්‍ය සේවකයින් 1200 ක් කපා හැරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.

ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති තුනෙන් එකක් අවම වශයෙන් මාස තුනකින් ප්‍රමාද වන අතර ව්‍යාපෘති 518 ක් හරහා සියයට දෙකකට ආසන්න කඩාවැටීමක් සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් මෙට්‍රෝ උමං මාර්ගය සහ බටහිර ගේට් උමං මාර්ගය යන දෙකම මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය අයවැයෙන් තහවුරුකළේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »