
dishwasher යන්ත්‍රයක් මගින් සිදුකරන සාමාන්‍ය සේදීමකදී microplastics කැබලි 920,000 ක් පමණ ජලයට මුදා හරින බව Queensland විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙනවා.
ගෘහස්ථ පිඟන් සෝදන යන්ත්‍ර මගින් සෑම වසරකම ප්ලාස්ටික් අංශු මිලියන 33 ක් පමණ අපජලයට බැහැර කරන අතර විවිධ Chemical ද්‍රව්‍ය ද පරිසරයට මුදා හැරෙනවා.
මෙය බරපතල ගැටළුවක් ලෙස පෙන්වාදෙන පරීක්ෂකයින් පවසන්නෙ අවසානයේ මෙම අපද්‍රව්‍ය සාගර ජලයටද එකතු වන බවයි.

මෙම microplastics මිශ්‍ර අපජලය කෘෂිකාර්මික ඉඩම් සදහා යොමුකිරීම මගින් මිනිස් ජීවිත වලටද තර්ජනයක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
පිඟන් සෝදන යන්ත්‍ර වලට කිසිදු ආකාරයෙ ප්ලාස්ටික් ද්‍රව්‍යක් යොදා ගැනීමෙන් වැළකී සිටින ලෙස පරීක්ෂකයින් ජනතාව දැනුවත්කර තිබෙනවා.
