Search

Updated: අද උදෑසනත් සිඩ්නි දුම්රිය ප්‍රවාහනය ගැන සහතිකයක් නැහැ.

සිඩ්නි හි ස්ට්‍රැත් ෆීල්ඩ් දුම්රිය ස්ථානය අසල දුම්රියක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් දුම්රිය ජාලයම ඇණහිට තිබෙනවා. 

ඊයේ දහවල් සිදුවූ මෙම සිද්ධියෙන් අද උදෑසන වනවිටත් සිඩ්නි දුම්රිය ප්‍රවාහනය පිළිබඳ සහතික කිරීමට නොහැකි බවයි ප්‍රවාහන බලධාරීන් පවසන්නේ. 

ඉනර් වෙස්ට් හි ස්ට්‍රැත් ෆීල්ඩ් හි ගැටලුව විසඳීමට හදිසි කාර්ය මණ්ඩල සහ ඉංජිනේරු කණ්ඩායම් රාත්‍රිය පුරා වැඩ කරමින් සිටි තිබෙනවා.
මධ්‍යම රාත්‍රියෙන් පසුවද උදෑසන සේවාවන්ට බලපෑමක් ඇති වේද යන්න පිළිබඳව සිඩ්නි දුම්රිය දෙපාර්තමේන්තුව තවමත් ප්‍රකාශ නිකුත්කර නැහැ. 

ඊයේ පස්වරු 2.30 ට පෙර සිදුවූ මෙම සිද්ධියෙන් සිඩ්නි දුම්රිය ජාලයෙන් සියයට 80 ක ප්‍රමාදයක් සිදුවූ බවයි බලධාරීන් පවසන්නේ. 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »